විදුලි අර්බුදයට රවීගේ අලුත් තියරිය – මාස 3ක් සෑම නිවසකම බල්බ් 2ක් නිවන්න..!
ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්රියාමාර්ග කිහිපයක් ඇතුලත් විදුලිබල හා බලශක්ති අමාත්ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම යෝජනාවට අනුව ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම, රාජ්ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනයෙන් 10%ක ප්රමාණයක් අඩු කිරීම, අනවශ්ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්ය දිනවලදී වීදි පහන් නිවීම සිදුකරන වේලාවට පැයකට පෙර සියලුම විදුලි පහන් නිවීම යන ක්රියාමාර්ග වලට එළැඹීමට නියමිතයි.
මෙරට දෛනික විදුලි අවශ්යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ මෙ.වොට් 2260ක් පමණයි. මේ හේතුවෙන් විදුලි අවශ්යතාවයෙන් මෙගා වොට් 340ක හිඟයක් දෛනිකව පවතියි. කෙසේ වෙතත් අප්රේල් මාසය අවසන් වන විට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි.
ඒ අනූව එම හිඟය මඟ හරවා ගැනීම සඳහා දිවයිනේ සියලුම ප්රදේශවලට වරින් වර පැය 4ක පමණ කාලයක් දෛනිකව විදුලි කප්පාදු කෙරෙන අතර දැනට පවතින විදුලි හිඟයට මුහුණ දීමේ අරමුණින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල, බලශක්ති හා ව්යාපාර සංවර්ධන අමාත්ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.