ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

ශ්‍රී ලාංකිකයින් අපවිත්‍ර කළ ගල්කිස්ස මුහුදුතීරය ඕස්ට්‍රේලියානු ජාතිකයින් පිරිසිදු කරති

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගල්කිස්ස මුහුදුතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 360 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථීහු, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා නිලධාරීහු, ග්‍රීන් මැප් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිතයෝ සහ ධීවරයෝ පිරිසක්ද මීට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු වෙරළ තීරයන් පැවතීම අතිශය වැදගත් බවත්, ගල්කිස්ස වෙරළතීරය පිරිසිදුකිරීම සතුටට කරුණක් බවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජෝන් පිලිප් මහතා පැවසුවේය.