ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට- තවත් අයෙකුට තුවාලයි

මොරටුව, මෙරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට අද(14) උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බස් රථ හිමිකරුවෙකු, ඔහුගේ පුත්‍රයා සහ පුත්‍රයාගේ මිතුරෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එහිදී 55 හැවිරිදි බස් රථ හිමිකරු හා ඔහුගේ පුත්‍රයාගේ මිතුරා වන 27 හැවිරිදි තරුණයා මියගොස් තබෛ්.

වෙඩි තැබිම සිදු කළ එක් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.