මහින්ද ශ්රීලනිපය ගැන කලකිරීමෙන්..! අයවැය පරාජය කිරීමට නොහැකිවුනේ ශ්‍රිලනිපය නිසයි.
මෙවර අයවැයේ සිදු වූ කණගාටුදායකම සිදුවීම වන්නේ අපේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් මෙවැනි බරපතල අයවැයකට ඡන්දය දීමෙන් වැළකී පිටව යාම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මෙම අයවැය සම්මත වීමෙන් අනතුරුව ඉතාම භයානක තත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ විපක්ෂනායකවරයා එය ඉදිරියේදී රටේම ජනතාවගේ ඇඟට දැනෙනු ඇති බවයි ප්‍රකාශ කළේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය නැරඹීම සඳහා ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
අයවැය පරාජය කර මහමැතිවරණයක් දිනාගැනීමට මහගු අවස්ථාවක් විපක්ෂයට හිමිවුවද ඉන් නිසි ප්‍රථිපල නෙලා ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට නොහැකිවිය. ඊට ප්‍රධාන ලෙසම හේතුවුයේ විපක්ෂය නියෝජනය ශ්‍රිලනිප මන්ත්‍රීවරු පිරිසක් අයවැය ඡන්ද විමසන අවස්ථාව හිතාමතාම මඟහැරීමයි. එ් මෛත්‍රීපාල සිරිසේන යටතේ ඉන්න මන්ත්‍රීවරු දැනටමත් සංධාන මන්ත්‍රී කණ්ඩායම ලෙස මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එකට වැඩකරන තත්වයක් තුලය.
රාජපක්ෂ මහතා ශ්‍රිලනිප මන්ත්‍රීවරු ගැන පමණක් සදහන් කලද මහින්ද රාජපක්ෂ සමග දිගටම කටයුතු කල ඊපිඩිපි සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා මෙන්ම පසුගිය දේශපාලන කුමන්ත්රණයේදී එජාපයෙන් ඉවත්වී රාජපක්ෂ මහතා සමඟ එක්වු අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ හා අසෝක ප්‍රියන්ත යන මන්ත්‍රිවරුද අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණියේ නැත. තවද රාජපක්ෂ මහතා සමග මෙතෙක් කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගන් තොණ්ඩමන් හා මුත්තු සිවලිංගම් යන මන්ත්‍රීවරු දෙදෙනාද මෙවර එජාපෙ ආණ්ඩුව හා එක්වෙමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමද කැපී පෙනුනි.
අයවැය පරාජය කරන බවටත් මැතිවරණයක් දිනා ගන්නා බවටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් දිගින් දිගටම දේශපාලන වේදිකාවලත් මාධ්‍ය සාකච්ඡා තුලත් කළ ප්‍රකාශ පුස්සක් බවට පත්වීම නිසා ඇතිවූ කැළඹීම නිසා මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස පැවසුවේ පහත ආකාරයටය.
“මං හිතන්නේ හෙට ජනාධිපතිවරයාගේ මේවා එක තියෙන හින්දා එයාලා හිතන්න ඇති ඒකට විරුද්ධ වුණොත් මේ .. ඔවුන් විරුද්ධ වෙයි කියලා ඒකට. ඒක හින්ද ඡන්දෙන් වැළකිලා ඉඳලා මෙව්වා වුණා”
මෙම තත්වය තුල විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයේදී තමන්ගේ අසාර්ථකභාවය රටට පෙන්වු බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.