ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රාජපක්ෂ පාලන සමයේ වංචා, දූෂණ විභාග කරන දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද වැඩ අරඹයි.

පසුගිය  රාජපක්ෂ පාලන සමයේ බරපතළ දූෂණ, වංචා සම්බන්ධ නඩු  කඩිනමින් විභාග කිරීම සඳහා යැයි සදහන් කරමින් පිහිටුවන දෙවන ත්‍රිපුද්ගල ස්ථිර විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14) සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම විශේෂ මහාධිකරණය ද කොළඹ පළමු විශේෂ මහාධිකරණය පිහිටුවා ඇති පරිශ්‍රයේම ස්ථාපනය කර තිබේ.

මෙහි විනිසුරු මඬුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන් තිදෙනා අගවිනිසුරුවරයා විසින් නම් කරන ලදී.

බරපතළ දූෂණ, වංචා සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමට 2017 අයවැයෙන් යෝජනා කර තිබුණු අතර එහි පළමුවැන්න 2018 අගෝස්තු 21 වනදා ආරම්භ විය. මෙම අධිකරණ පිහිටුවන සමයේ ප්‍රකාශවුයේ මෙහි අසන නඩු එක දිගට විභාග වන බවත් කඩිනමින් නඩු අසා ඉක්මනින් වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ පිහිටුවා දැනට මාස ගණනක් ගෙවී ඇතත් ප්‍රකාශකල පරිදි කඩිනමින් රාජපක්ෂ පාලන සමයේ බරපතළ දූෂණ, වංචා සම්බන්ධ නඩු අසන බවක්නම් පෙනෙන්නට නැත. ඒ වෙනුවට විවිධ හේතු දක්වමින් මෙම අධිකරණවලද නඩු දිගින් දිගටම කල්දමමින් පවතින බව පෙනී යයි.