ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීම ගැන කියන්න කරන්නාගොඩ අදත් CIDයට

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීම සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික  හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. පෙරවරු 09.30 ට පමණ කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තාවේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශය ලබාදෙන ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියි.

සිද්ධියට අදාළව පසුගිය සඳුදා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 08 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි මීට පෙර රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.