බැසිල් පක්ෂය නොහැදුවා නම් වීරවංශ, ගම්මන්පිලට යන්න තැනක් නෑ. ත්‍රීවීල් පක්ෂ වලට බැසිල් පිලෙන් යලි ප්‍රහාරයක් !
මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන පිරිසට එකතුවීම සඳහා තැනක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ඒ මහතා එය නිර්මාණය නොකළේ නම් මහින්ද සුළඟ වටා ඒකරාශි වූ ජනතාවට යන්නට තැනක් නොමැති වන බවත් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ උදේනි අතුකෝරාළ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා සුදුසු කළමනාකාරීත්වයට පමණක් බව පවසන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අයගෙන් එසේ කුහක නොවන ලෙස ඉල්ලා සිටින බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
එම පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරාළ මහතා අවධාරණය කළේ දක්ෂයාට නිසිතැන සහ අදාළ ගෞරවය ලබාදිය යුතු බවත් කුහකකම් හෝ ඊර්ෂ්‍යා කිරීම නොකළ යුතු බවත් ය.