ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

වීරවංශට පයින් ගසා ජවිපෙ සමග 20 වන සංශෝධනය පිලිබදව සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ සූදානම්

විධායක ජනාධිපති ධුරය සංශෝධනය කිරීම සම්බන්ධව ඉදිරියේදී නතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම ස්ථිර බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇතැයි ඔහුට සමීප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට අනුව විපක්‍ෂ නායක ලෙස විපක්‍ෂයේ පක්‍ෂ සමගින් සාකච්ඡා කිරීම තම යුතුකමක් බව ඔහුගේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව මෙම සතියේදී පැවැත්වෙන සාකච්ඡා වලදී 20 වන සංශෝධනය හා විධායකය අහෝසි කිරීම ආදී කාරණා ගැන සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවත් මෙම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි විරෝධයක පසුවන අතර ඒ බව ඔහු අවස්ථා ගණනක ප්‍රකාශ කර ඇත. එහෙත් විපක්ෂ නායක කාර්යාලීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ වීරවංශ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික එදිරිවාදිකම් හෝ මතවාද ජවිපෙ සමග සාකච්ඡා සදහා පටලවා ගත නොහැකි බවය.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එකඟවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. පසුගියදා මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙතින් සිදුකළ විමසීමකදී මේ බව සදහන් කර ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ සියල්ලම එකඟනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත.