ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ළමා අපචාර චෝදනාව මට ආවේ මම දූෂණයට එරෙහි නිසා – මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව තමන්ට එල්ල වූයේ ආණ්ඩුවට එරෙහි, දූෂණයට සහ භීෂණයට එරෙහි තමන්ගේ සටන නැවැත්වීමේ අරමුණින් බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර පවසයි. එහෙත් තමන් සත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා තමන් ඇප මත නිදහස් කෙරුණු බවත් තමන් පොලිසියට ඉදිරිපත් වූ පසු අධිකරණයට කැඳවාගෙන ගියා විනා අත් අඩංගුවට ගැනීමක් කිසිසේත් සිදු නොවූ බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණය ඉදිරියේ පවතින නඩු කටයුත්තක් හෙයින් වැඩි විස්තර පැවසීමට නොහැකි බව කියූ මන්ත්‍රීවරයා මෙය තමන්ගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධ කාරණයක් බවත් පොලිසිය නොමඟ යැවීම සඳහා වෙනත් චෝදනා ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළේය.

තමන් මෙවන් වරදක් කළ බවට පොලිස්පතිවරයාට දුරකථනයෙන් අමතා විමසා ඇත්තේ අමාත්‍ය රංජන් රාමනායක මහතා බව පැවසූ ඒ මහතා දැරියගේ අම්මට තාත්තාටත් නැති රුදාවක් රංජන් රාමනායකට මේ ගැන පහළ වී ඇති බවටත් චෝදනා කළේය.

පසුගිය පෙබරවාරි 23 වනදා තමන්ට අයත් දේවාලයක් තුළදී 16 හැවිරිදි දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඊයේ (28) පොලිසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔහුව රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

නඩුව අප්‍රේල් 30 වනදා යළි කැඳවීමට නියමිතය.

(LNW)