ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘මගේ ළඟ වීඩියෝ තියෙනවා කැබිනට් ඇමතිවරු කොකේන් බොන’ – රංජන් රාමනායක

කැබිනට් අමාත්‍යවරුන් ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියක් ද අද වන විට මේ සම්බන්ධයෙන් නම් වී ඇති බවත්, සමහර අයගේ වීඩියෝ දර්ශන පවා තමා සතු වන බවත් වැඩිදුරටත් කියා සිටියේය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ සිටි මන්ත්‍රීවරු දෙදෙනෙක් මෙම ලැයිස්තුවේ ඇති බවත්, කමිටුව හමුවේ ඉදිරිපත්ව ඇති කමිටු වාර්තාවට පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු 14 ක් පමණ සිටින බවත්, එක්සත් ජාතික පක්ෂයේ 5 දෙනෙක්  සිටින බව ද රංජන් රාමනායක මහතා මෙහිදී පැවසීය.

ඊයේ (26) කොළඹ අළුත්කඩේ අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව හමුවට කැඳවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ සොයාබැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.