ජනාධිපතිවරණය තුන්කොන් සටනක් – ජවිපෙනුත් අපේක්ෂකයෙක් !
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වුවහොත් තම පක්ෂයත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“පළවෙනි දේ තමයි අපි ඊළඟ ජනාධිපතිවරණයට කලින් මේ ජනාධිපති ක්‍රමය අයින් කරගන්න අරගලයක ඉන්නේ. 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේ වැඩපිළිවෙල අපි අත්හැරලා නෑ. යම් විදියකින් ඒ වැඩේ ගැස්සුනොත් අපි අනිවාර්යයෙන්ම තුන්කොන් සටනක් නිර්මාණය කරන ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම රටේ ගොඩනඟනවා. අපි අපේ පක්ෂයේ නායකයෙක් ඒ සඳහා ඉදිරිපත් කරනවා” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.
ඒ අනුව එසේ සිදුවුවහොත් ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වනු ඇති බවත් තම පක්ෂයේ නායකයකු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුවටා තවත් බලවේග ගොනු කර අනිත් සියළු අපේක්ෂකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන බවයි ඒ මහතා සඳහන් කළේ.