ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මධූෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට

පසුගියදා ඩුබායි හිදි අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු වු මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි කියන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පාදුක්ක පොලීසියට ලද තොරතුරක් මත අද(09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී කිසිඳු බලපත්‍රයක් තිබී නොමැති අතර බලපත්‍ර නොමැති නිසාවෙන් මෝටර් රථය සඟවා සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුව සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෝටර් රථය යම් කිසි අපරාධයකට සම්බන්ධ දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වන බව පොලීසිය පැවසීය.