ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජාතික ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව පරාජය කළ යුතුයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විපක්ෂයේ විරෝධය නොතකා තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආණ්ඩු පක්ෂය හැර විපක්ෂයේ සියළු පක්ෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම යෝජනාවට විරෝධය පල කළද එය නොතකා අත්තනෝමතික ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපෙ ආණ්ඩුවේ මෙම උත්සාහය පරාජය කළ යුතු බව ඒ මහතා පවසයි. ඒ සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද වගකීමක් ඇති බවද ඔහු අවධාරණය කරයි.