ව්‍යවස්ථාවේ හිල් සොයමින් එජාපය ජාතික ආණ්ඩු යෝජනාව කථානායකවරයාට බාර දෙයි.
එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට අදාළ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව සභානායකවරයා අදාළ යෝජනාවෙන් පෙන්වාදී ඇත.
එක්සත් ජාතික පක්ෂය මෙම ජාතික ආණ්ඩුව නිර්මාණය කර ඇත්තේ මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධාන ගතවීමෙන් බව වාර්තා වේ. මුස්ලිම් කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ හිමි එකම අසුන භාවිත කර අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමට ඇති නීත්‍යානුකූල බාදාව බිද දැමීම එක්සත් ජාතික පක්ෂයේ කූඨ අරමුණ වී තිබේ.ජාතික ආණ්ඩු සංකල්පය හරහා වැඩිවන අමාත්‍ය ධුර සංඛ්‍යාව අල්ලසක් ලෙස භාවිත කර එජාප පසුපෙල හීලෑ කර ගැනීමට ඉදිරිපෙළ නාකත්වය උත්සාහ දරමින් සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්මවිය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලබාදුන් යෝජනාවේ සඳහන්ය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ද ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.
කෙසේ වෙතත් එජාපය පැමිණියේ ඇමති ධුර සංඛ්‍යාව 30ට අඩු කරන බවට ලබාදුන් ජනතා පොරොන්දුව ඉදිරියට දමාගෙනය. නමුත් මේ වනවිට සිය පාක්ෂිකයා රවටමින් සහ නීතියෙන් රිංගා යමින් සිය බලය රැක ගැනීමේ උත්සායක රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපය නිරතව සිටියි.