‘ජනපති අපේක්ෂකයා ගැන අපි තවම කිසිදු තීරණයක් ගෙන නැහැ’ – මහින්ද පොළොන්නරුවේදී කියයි.
මහින්ද පාර්ශ්‍යවය ලෙස තම කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ සිදුකර නොමැති බවත් විවිධ පුද්ගලයින් තමන් සුදානම් කීවට එසේ ජනාධිපති අපේක්ෂකයින් තෝරාගත නොහැකි බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් පසුගිය දිනවල සිදුකල ප්‍රකාශ පිළිබඳව සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳ අද(16) පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කල ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
තවද පළාත් සභා ඡන්දය සඳහා සාකච්ඡා කොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් අනිවාර්යයෙන් ජනතා කැමැත්ත තුනෙන් දෙකෙහි බලයක් අවශ්‍ය වන නමුත් පාර්ලිමේන්තුවට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොමැති හෙයින් එය ගෙන ඒම සඳහා අයිතියක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. අඩුම තරමින් පාර්ලිමේන්තුවේ 113 හෝ නොමැති බවද පැවසීය.