ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.

කැබිනට් නොවන අමාත්‍යවරු

රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය

වී. රාධක්‍රිෂ්නන් මහතා – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය

අබ්දුල්ලා මහරුෆ් මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය