නාවික හමුදාවේ වැලිසර අමානුෂික හිරගෙය ගැන ආරක්ෂක ලේකම් වාර්තාවක් කැඳවයි

වැලිසර නාවික හමුදා කඳවුර තුළ පවත්වාගෙන යන “මූලික පහසුකම් හෝ නොමැති” සිරගෙය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් වාර්තාවක් කැඳවා තිබේ. විවිධ හේතු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ සහ සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර තුළ “මූලික පහසුකම් හෝ නොමැතිව” සිර කර සිටින බව බීබීසී සිංහල සේවය ඊයේ (08) අනාවරණය කර තිබුණු අතර එය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, නාවික හමුදාපති පියල් සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ වහාම මෙම සිරගෙය සම්බන්ධයෙන් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසයි. එම වාර්තාව දින කිහිපයක් තුළ තමන්ට ලැබෙනු ඇති බවත් එය ලැබුණු වහාම අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා  ප්‍රකාශ කළේය.