ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පක්ෂයේ වැඩ සදහා ආරාධනා නොකිරීමට හේතු විමසා ශ්‍රිලනිප මහලේකම්ට චන්ද්‍රිකාගෙන් ලිපියක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. පසුගිය දිනවල පක්ෂයේ කටයුතුවලට තමන්ට ආරාධනා නොකිරීමට හේතුව කවරක්දැයි දැන ගැනීමට අවශ්‍ය බවයි එම ලිපිය මගින් දන්වා ඇත්තේ.

ඔක්තොම්බර් 26 වන දා සිදුවූ වෙනසින් පසුව පැවති පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීම සමස්ත ලංකා කාරක සභාව ද තමන්ට නොදැන්වූ බවත් පක්ෂයේ අනුශාසකවරියක ලෙස තමන්ට එය දැන්විය යුතුව ඇති බවත් ඇය සදහන් කර තිබෙනවා.