මඩකලපුවේ, වවුනතිව් සිදුවීම කුමන්ත්‍රණකාරයන්ගේ වැඩක් – චාර්ල්ස් නිර්මලනාදන්

මඩකලපුවේදි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පොලිසියේ දෙදෙනා ඝාතනය වුණා. ඒ කුමන්ත්‍රණයේ සිටියේ කවුද කියලා දැන් හොයාගෙන ඇති. මේ සිද්ධිය වුණේ ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපයට සහාය දුන්නා කියපු දිනයේයි. රටේ යම් කිසි තත්ත්වයක් ඇති කරන්නයි මේකෙන් උත්සාහ කළේ. මෙය වැරදි. මහවිරු දිනය සැමරූ අවස්ථාවේ දෙමාපියන්ට සහාය දක්වපු දෙන්නකුයි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. වවුනතිව් මිනීමැරීම කුමන්ත්‍රණයකින් රජයක් ඇති කරන්න උත්සාහ කළ අයගේ කුමන්ත්‍රණයේ ප්‍රථිපලයක්. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාටත් ලිපියක් යොමු කළා යැයි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අද(05) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කරන ලදි.

වැඩි දුරටත් අදහස් දැක්වු චාර්ල්ස් නිර්මලනාදන් මහතා, “මේ කරුණ ගැන අපි පොලිස්පතිට දන්වන්න ඕනා. නියම වැරදිකරුවන්ව හොයාගෙන රටේ ජනතාවට ඒ අය කවුද කියලා පෙන්වන්න ඕනා. මේ පිටුපස ඉන්න කුමන්ත්‍රණකාරයන් කවුද කියලා හෙළි කළ යුතුයි. දැන් ආණ්ඩුවක් නෑ. හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බිය ගැන්වීම පිළිගන්න බෑ. ඒවගේ තත්ත්වයක් ඇති කරන්නේ නැතුව නියම වැරදිකරුවන් හොයා ගන්න ඕනෑ.” යනුවෙන් ප්‍රකාශ කරන ලදි.

ජනාධිපතිතුමා ගන්නා තීන්දු තීරණ නිසයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. 26 වැනි දා තමයි මෙය ආරම්භ වුණේ. දැන් මාසයක් ගත වී හමාරයි. මේකට ප්‍රතිවිරෝධය එල්ල කිරීමට අවශ්‍යයි කියන පදනම උඩ අපි එජාපයට සහයෝගය දෙන්න යෝජනාවක් සම්මත කළා යනුවෙන්ද ප්‍රකාශ කරන ලදි.