‘මහින්දගේ අගමැතිධූරය නීති විරෝධීයි’ – මන්ත්‍රීවරු 122කගේ පෙත්සම් විභාගය අභියාචනාධිකරණයේදී ආරම්භවේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොණු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී මේ වන විට විභාගයට ගැණින. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොණු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පෙත්සම මේ වන විට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණෙන බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.