පොලිස් නිලධාරින්ගේ ඝාතනයත් සමග පොලිස්පති පුජිත් ගුවන් මගින් මඩකළපුවට.
අද උදෑසන මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන ගැන සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ සිට ගුවන් මගින් මඩකලපුව බලා පිටත් විය.
පොලිස්පතිවරයාට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සහ බුද්ධි අංශ නිලධාරින් කිහිප දෙනෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි. ඔවුන් අද සවස මඩකලපුවේ පොලිස් ප්‍රධානීන් හමුවී ආරක්ෂක තත්ත්වය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
වව්නතිව් පොලිසියට අනුයුක්තව වව්නතිව් පොලිස් මුර පොලේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඊයේ(29) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිළිබඳ පරික්ෂණ සිදු කිරිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නේය.