සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය කැනඩා ජාතික පෙම්වතිය සමග සමලිංගික විවාහයක.

සුපිරි හොලිවුඩ් නළු ජැකී චෑන්ගේ දියණිය තම කැනඩා ජාතික පෙම්වතිය සමග විවාහ වූ බව වාර්තා වෙයි. එටා නග් නම් වූ චෑන්ගේ දියණිය තම පියා සමග සබඳතාවක් නොපවත්වන අතර තිස් එක් හැවිරිදි තම පෙම්වතිය සමග විවාහ වූ බව නිවේදනය කර ඇත. එටාගේ වයස අවුරුදු දහනවයකි.

තම විවාහ සහතිකය හා මංගල ඡායාරූපය ඇය මාධ්‍යයට මුදා හැර තිබේ. කැනඩාවේදී විවාහ වූ ඔවුහු මේ වනවිට එටාගේ උපන් රට වන හොංකොං බලා ගොස් තිබේ.

ජැකීගේ එකම දරුවා වන ඇය ඔහු සහ රූ රැජිනක් වන ඉ‍ලේන් නග් සමග 1999 වසරේ ඇතිකරගත් පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස උපන් දරුවාය. මව විසින් ඇයව හදාවඩා ගනු ලැබුණද මේ වනවිට ඇය මව සමග ද සබඳතාවක් නොපවත්වන බව පැවැසෙයි.

Related image