ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කෙහෙළිය තවදුරටත් සම කැබිනට් ප්‍රකාශක නොවෙයි – මහින්ද සමරසිංහ

සම කැබිනට් ප්‍රකාශකවරයෙක් ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැන් සම කැබිනට් ප්‍රකාශකවරයෙක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක, ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර අහෝසි වී ඇති බැවින් කැබිනට් මාධ්‍ය  ප්‍රකාශක තනතුර ද ඔහුට අහිමිව ඇත.

මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.