ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ශිරන්ති රාජපක්ෂ කියන්නෙ කම්බ හෙරක්’ – අනුර මහරගමදී කියයි.

ව්‍යවස්ථාවිරෝධී ලෙස, නීතිවිරෝධී ලෙස, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කිරීමේ සැබෑ අරමුණ රාජපක්ෂ පවුලට සහ ඔවුන් වටා සිටින කල්ලියට එරෙහිව ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාමාර්ග අඩපන කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඊයේ (21) මහරගමදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රාජපක්ෂ සහෝදරයන්, රාජපක්ෂ පුතුන් පමණක් නොව ශිරන්ති රාපක්ෂ මහත්මිය ද කම්බ හෙරක් බවයි ජවිපෙ නායකයා සඳහන් කළේ. විශේෂ මහාධිකරණ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ රාජපක්ෂවරුන්ට සහ ඔවුන් වටා සිටින හෙංචයියන්ට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගවීමට නියමිතව ඇති අතර නව ආණ්ඩුවක් සෑදීමේ සැබෑ හේතුව එය බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.
ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වුවහොත් රාජපක්ෂලාට මන්ත්‍රීවරුන් 100 ක් වත් සොයාගත නොහැකි බවත් රාජපක්ෂලා සමග සිටින මන්ත්‍රීවරුන් හත් අට දෙනෙකුම එජාපයට එක්වීමට සූදානමින් සිටින බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙයි. එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනෙකු ඝාතනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ද එජාපයට එක්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විධායකයට අදාල නොවන බලයක් ආරෝපණය කර ගනිමින් කටයුතු කරන ජනාධිපතිවරයා ආණ්ඩුවට එරෙහි සම්මත වූ විශ්වාස භංග යෝජනාවේ සිදුරු සොයන බවත් ජනාධිපතිවරයා පිළි නොගත්තද එම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟව සම්මත වූ බවත් අනුර දිසානායක මහතා පවසයි.