වසර 4 1/2 ක් යනතුරු ආණ්ඩුව විසිරුවන්න 19න් බෑ – විජේදාස රාජපක්ෂ
19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනාධිපතිවරයාට වසර 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරවාලිය නොහැකි බව ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසා ඇත.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ 2015 වසරේ ජූනි 01 වැනිදා, පැවති යහපාලන ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින සිටින අවස්ථාවේ දීය.
එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ විධායක ජනාධිපතිගේ බලතල සීමා වන බවත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර කිරීම වෙනුවෙන් එම තීන්දුව ගනුලැබූ බවත් ඔහු අවධාරණය කර සිටියි.
තමා විසින්ම කරන ලද ප්‍රකාශ පුස්සක් බවට පත්කරමින්, යහපාලන ආණ්ඩුවට වසර 4 1/2ක් යාමට පෙර විජේදාස රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළ කරමින් මේ වනවිට පිල්මාරු කර සිටියි.
2015 වසරේ ඔහුකළ ප්‍රකාශය පහත දැක්වේ.