මහින්දගේ ආණ්ඩුව ප්‍රබල රටවල් 08ක් ප්‍රතික්ෂේප කරයි – විදේශ ඇමති කැදවූ හමුවත් වර්ජනය කරයි.
ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පසුගියදා (12) කොළඹ දී පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවට බටහිර රටවල් 8ක නියෝජිතයන් සහභාගී වී නැතැයි වාර්තා වේ.
මහින්දගේ ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වූ එම රාජ්‍ය තාන්ත්‍රික හමුවට බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් හෝ වෙනත් නියෝජිතයකු හෝ සහභාගී වී නැතැයි ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් එම හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇත.
ඇමෙරිකා තානාපති කාර්යාලයේ සහ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයෙක් හමුවට සහභාගී වී ඇති අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවකුත් එම හමුවට සහභාගී වී නොමැත.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පළ කිරීමක් ලෙස බටහිර රටවල් අටක රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ අමාත්‍යවරයා හා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවැති හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.