ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ රැසක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් අද(12) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කිරීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්රසය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොණු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ලෙස තමන් ද අද(12) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් බාරදෙන බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.