චතුරිකා සිරිසේනත් පොහොට්ටුවට..! පොළොන්නරුවෙන් මහ මැතිවරණයට..!
ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් පොළොන්නරුව දිස්ත්රික්කය සඳහා නාම යෝජනා භාරදීමට සූදානම් බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරියේදී ඇය පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත බවද අප වෙත වාර්තාවේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය යටතේ එළඹෙන මහ මැතිවරණයට මුහුණදීමට සිටි චතුරිකා සිරිසේන ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන ලෙස දන්වා ඇත්තේ ඇයගේ උපදේශකයකු විසින් බවත් ඒ හැර මෙවර මැතිවරණය ජයග්රහණය කිරීමට කිසිම හැකියාවක් නොමැති බව ඔහු පෙන්වාදී ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට ඇත.