ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මැති ඇමැතින් 15ක් 14දා රනිල්ට සහාය දෙනවා – අකිල විරාජ් කාරියවසම්

පාර්ලිමේන්තුව 14දා රැස් වූ විට දැනට සිටින මැති ඇමැතිවරුන් 15ක්, රනිල් වික්‍රමසිංහ මහතාගේ බහුතරය පෙන්වීමට සහාය දෙන බව එජාප මහ ලේකම්වරයා ලෙස තමන් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එම මැති ඇමැතිවරුන් 15 දෙනා රනිල් වික්‍රමසිංහ මහතාගේ බහුතරය පෙන්වීමට සහාය වන්නේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධීව අගමැතිවරයකු හා කැබිනට් ඇමැතිවරුන් පත්කර පාර්ලිමේන්තුව කල් තැබීමට විරෝධය පළ කිරීමට මිස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට නොවන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේ ඊයේ (06දා) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ඒ අනුව 14දා පාර්ලිමේන්තුව කැඳවූ විට 113ක බහුතරයක් වෙනුවට 125 _ 130ක බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙන්වීමට නිසැක වශයෙන් හැකි වන බවද කාරියවසම් මහතා අවධාරණය කළේය.

මේ වන විටත් රාජපක්ෂ භීෂණය යළි ඇරැඹී ඇති බැවින් එකී මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තකා ඔවුන් පිළිබඳව හෙළි කළ නොහැකි බවත් තමන් කරන මෙම ප්‍රකාශය සටහන් කරගෙන 14දාට පසු හමුවන ලෙසත්ද හෙතෙම මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

( උපතිස්ස පෙරේරා – මව්බිම )