ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් ජනමාධ්‍ය මෛත්‍රී පවරාගනී.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා යටතට ගැනෙන අමාත්‍යංශ ගණන සීමාකර තිබෙන තත්වයක් යටතේ එය උල්ලංගණය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශය තමා යටතට පවරාගෙන ඇත.
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද(07) පැවසීය.ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.
මේ වනවිට ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතා කටයුතු කරයි.
මේ සම්බන්ධව ලැබී ඇති දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ රාජ්‍ය මාධ්‍ය රාජපක්ෂ හිතවාදීන් අතට පත්වීම හරහා එම ආයතන ජනාධිපති සිරිසේනගේ පාලනයෙන් තොරව ක්‍රියාත්මකවීමේ අවධානම සැලකිල්ලට ගෙන ජනාධිපති සිරිසේන මේ තීරණය ගෙන ඇති බවය.
එසේම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති නමුත් ඒවායේ තිබෙන ඉහළ නිලතල බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින්නේ රාජපක්ෂ හිතවාදීන් විසින්ය. ඒ හේතුවෙන් රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත්‍රයට මෙම ආයතන හැසිරවීම වැලක්වීමට ජනාධිපතිවරයා මෙම තීරණය ගත්බව ශ්‍රීලනිප ප්‍රකාශකයකුද තහවුරු කර සිටියේය.
මේ අතර ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන අත්පත් කරගැනීම සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයේ සිට ඒ අත්පත් කරගැනීමට බලාසිටි කිහිපදෙනෙකු දැඩි අප්‍රසාදයකින් පසුවන බවද වාර්තා වෙයි. ඒ සම්බන්ධව ඔවුන් බැසිල් රාජපක්ෂ වෙත දන්වා ඇති බවත් දැනගන්නට ඇත.
එහිදී බැසිල් රාජපක්ෂ ඔවුන්ට දන්වා ඇත්තේ මේ මොහොතේ ජනාධිපති සිරිඉසෙන කරන කියන දේ සම්බන්ධව එතරම් තැකීමක් නොකරන ලෙසත් විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න ආණ්ඩුව පිහිටුවීම සදහා 113 සකස්කරගැනීම මිස ආයතන බෙදාගැනීම නොවන බව පවසා ඇත.