NewsSlider ලලිත් සහ අනූෂගේ සිල් රෙදි නඩුවේ අභියාචනාව සලකා බැලිම 19 වැනිදා October 13, 2018 Kamal Dhammika සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අභියාචනා සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන මෙන් දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල ඊයේ (12) තීරණය කළේය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගොනු කළ නඩුවකට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන විත්තිකරුවන් ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ලැබුහ. මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම දඬුවම් ඉවත්කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. Post Views: 719 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print