නව අගවිනිසුරු නලීන් පෙරේරා.
නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්වු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරු ලෙස දිව්රුම් දෙනු ඇත. නලීන් පෙරේරා මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙක්ද වෙයි.
