ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වයස 79ක් උනාට ‘සහෝදර සමාගමේ’ මමත් ඉන්නවා – චමල් රාජපක්ෂ

ජනතාව පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාට ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස බවත් එසේ නොමැති නම් මහින්ද රාජපක්ෂ මහතා කැමති සහෝදරයකු ඉදිරිපත් කරන ලෙස බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි. චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම සහෝදරයකු ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වනු ඇති බවට ඉන්දියාවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සහෝදරයින් ගොඩක් සිටින බව පැවසූ ඒ මහතා බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝටාබය රාජපක්ෂ මහතා අතර තමන් ද  කොනක සිටින බවයි ප්‍රකාශ කළේ.

තව තවත් ගැටලු ද ඇති නිසා ඒ සියල්ල සලකා බලා ඒ මොහොතට ගැලපෙන අපේක්ෂකයකු මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා ඊයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී (13) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ තරගය සඳහා තමන් ද ඔට්ටු බවයි.

2020 ජනාධිපතිවරණය සඳහා චමල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීම තමන්ගේ ද පැතුම බව මීටපෙර වාසුදේව නානායක්කාර සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රිවරුන් විසින් ද ප්‍රකාශ කර තිබිණි.