ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

Face book හරහා වෙරළ සාද පැවැත්වීම තහනම් – තීන්දුව මෙන්න

සමාජ ජාල වෙබ් අඩවි හරහා මහා පරිමාණයෙන් තරුණ තරුණියන් කැඳවමින් පවත්වන සාද පැවැත්වීම ඉන් ඉදිරියට කළුතර දිස්ත්‍රික්කය තුළ තහනම් කිරීමට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

මින් ඉදිරියට එවැනි තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවන සාද පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගෙන් සහ සුරාබදු අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ද අවසර ලබා ගත යුතු බවද එහිදී යෝජනා විය.