ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයක – ශ්‍රී ලංකාවට පැමිණීමට එරට ෆෙඩරල් අධිකරණයෙන් අවසර ලබාගත යුතුයි.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි. මේ අතර හිටපු තානාපති උදයංග වීරතුංග දැනට ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

මේ අතර මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා අද (29) අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

එසේම මිග් යානා සිද්ධියට අදාළව ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් 5 දෙනෙකුෙග් බැංකු ගිණුම් 40 ක් පරීක්ෂා කිරීමට ද අධිකරණයේ අවසර ලැබිණි

ඒ එම සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.