ගෝඨා වැනි ‘හිට්ලර්’ පන්නයේ නායකයන්ට එරෙහිව දිවිහිමියෙන් සටන් කරනවා – කුමාර වෙල්ගම (වීඩියෝ)
මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අස්ගරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමිගේ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බව මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. වෙල්ගම මහතා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තබා පක්ෂයෙන් එළියට ඇවිත් තමා සටන් කරන බවයි. සමහරු එවැනි ඒකාධිපති හිට්ලර් පන්නයේ නායකයෙකු බලාපොරොත්තු වුවද රට ඉල්ලන්නෙ ප්රජාතන්ත්රවාදී නායකයෙකු බවද ඔහු වැඩිදුරටත් පවසයි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පසුගියා දා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ මිලිටරි පාලකයෙකු වී හෝ රට ගොඩනගන ලෙසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී අනුශාසනාවක් කරමිනි.
උපාලි හිමියන්ගේ මෙම බෞද්ධ දර්ශණයට පටහැනි ප්‍රකාශයට විරෝධය දක්වන කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරන්නේ තම අපේක්ෂාව ප්රජාතන්ත්රවාදී පාලනයක් බවත් මිලිටරි පාලනයක් රට තුළ ස්ථාපිත වෙන්නේනම් එයට එරෙහිව, පක්ෂයෙන් වුවද ඉවත් වී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන බවයි. එමෙන්ම ලෝකයේ කිසිම රටක මිලිටරි නායකයන් රටවල් දියුණුවට පත්ව නැති බවත් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
වෙල්ගම මහතා දැක්වු අදහස් …
හිට්ලර්ලට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා – කුමාර වෙල්ගම
හිට්ලර්ලට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා – කුමාර වෙල්ගම
Posted by ColomboXnews on Thursday, 21 June 2018