ඇටොර්නි බලපත්‍ර නඩුවේදී ගම්මන්පිලට විනිසුරුගෙන් තරයේ අවවාද හා සදාචාරය පිලිබද පාඩමක්
ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී වැඩිදුරටත් විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ තමන්ට එරෙහිව නඩු විභාගයක් පවතින අතර තුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත්ය.
යළි මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කර තිබෙන බවද වාර්තා වෙයි.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.