ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තමාගෙම මෝටර් රථයට වෙඩිතියාගත් සමීර සේනාරත්න රිමාන්ඩ්

සිය මෝටර් රථයට වෙඩි තැබූ බවට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මාලබේ සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.  ඔහු ඊයේ (09) පස්වරුවේදී අපරාධ  පරික්ෂක  දෙපාර්තමේන්තුව  විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

වෛද්‍ය සමිර සේනාරත්න  මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත්  2017 වසරේ පෙබරවාරි මස දිනක සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර  එය  හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බවට හෙළි වි තිබු බව පොලිසිය අනාවරණය කර ගත්තේය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන්  වෛද්‍ය සේනාරත්න  මහතාගෙන් අපරාධ පරික්ෂක  දෙපාර්තමේන්තුවට  මිට පෙර දිනක ප්‍රශ්නද කර තිබුණි.