අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටිනවා – ජාත්‍යන්තර පොලීසිය CIDයට දන්වයි
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ රැඳී සිටින බව තහවුරු වී තිබෙනෙවා. ඒ පිළිබඳ රහස් පොලීසියට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය විසින්. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අධිකරණයට දැනුම් දුන්නා.මෙම නඩුව අද කැඳවූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ.
හිටපු මහබැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය නියෝග නිකුත්කර ඇත්තේ. ඒ පිළිබඳ ජාත්‍යනතර පොලිසියටද දැනුම් දුන් බව පසු ගියදා ප්‍රකාශ වූවා.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පසුගිය අප්‍රේල් 22දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අදාලව රතු නිවේදනය නිකුත් කර ඇති බවයි.