අල කන්ටේනරයක හෙරොයින් ගෙනආ පකිස්තානුවෙකුට මරණීය දණ්ඩනය
2010 වසරේ දී මෙරටට ආනයනය කළ අල කන්ටේනරයක් තුළ සඟවා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 8.35 රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.