වැලිකඩ ඝාතනයේ මහ මොළකරු ‘ගෝඨා’ මෙතෙක් අත්අඩංගුවට පත් නොවීම ප්‍රශ්නයක් – සත්‍යවේල් පියතුමා
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන බන්ධානාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් යන දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට විරෝධය පළ කරමින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
යහපාලනය පවතින බවට ජනතාවට ප්‍රත්‍යක්ෂ වන්නේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම තුළ වන හෙයින් එය සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් විය යුතු බවයි පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේ.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මැයි 8 වැනි දා දක්වා යළි බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (24) නියෝග කළේය.
– නිශාන්ත ප්‍රියදර්ශන (LNW)
