වසර 05ක සිරදඬුවම් නියමවූ සල්මන් ඛාන්ට ඇප

වසර 05ක සිර දඬුවම් නියම වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඊයේ(07) අධිකරණයෙන් ඇප හිමිව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වර්තා කළේ සල්මන් ඛාන් රුපියල් 50000ක බැඳුම්කරයකට යටත් කොට ඇති බවයි. මේ අතර විදේශගතවීමට පෙර අධිකරණයෙන්  අවසර ගත යුතුවෙයි. මීළඟ නඩු විභාගය මැයි 7 දක්වා කල් තබා තිබෙනවා.

1998 වසරේ දී Black Bucks දුර්ලභ මුවන් විශේෂය දඩයම් කිරීමේ වරදට පසුගිය බ්‍රහස්පතින්දා සල්මන් ඛාන් වසර 05ක් සිරදඬුවමකට යටත් කෙරුණා. ඒ අනුව ඔහුට  දින දෙකක් ජෝද්පූර්  සිර භාරයේ සිටීමට සිදුවුණා.

වසර 20කට පෙර  වන සංචාරයක ගිය අවස්ථාවේදී ‘බ්ලැක් බක්ස්’ නමින් හැඳින්වෙන ආරක්‍ෂිත ඇන්ටිලොප් වර්ගයට අයත් මුවන් දෙදෙනෙකු මරා දැමීම හා නීතිවිරෝධීව ගිනි අවි සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් සල්මන්ට එරෙහිව මුලින්ම නඩු පවරනු ලැබුවේ අදාළ මුව වර්ගයට ගරු බුහුමන් දක්වන, එම ප්‍රදේශයේ වෙසෙන ‘බිෂෝයි’ නම් වූ ප්‍රජාව විසිනි.

සිර දඬුවමට අමතරව Jodhpur අධිකරණය  ඉන්දීය රුපියල් දස දහසක දඩ මුදලක් ද වරදකරුට නියම කළා. සල්මන් ඛාන් Rajasthan කලාපයේ දී  මුවන් දඩයම් කරමින් එය වීඩියෝගත කර ඇති බවයි අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

52 හැවිරිදි සල්මන් ඛාන්ට එරෙහිව සත්ව අවිහිංසාව සම්බන්ධයෙන්  චෝදනා එල්ල වූ සිව්වන අවස්ථාව මෙයයි. නමුත් පෙර  අවස්ථා තුනකදී ඔහු නිදොස් වී තිබුණා.

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ඉන්දීය මුවන් වර්ගයක් (Black Bucks) මරා දැමීම සඳහා සල්මන් ඛාන් ගිනි අවි භාවිත කළ බවට එල්ල කළ චෝදනාව තහවුරු කිරීමට මීට පෙර පැමිණිලි පාර්ශ්වයට නොහැකි වූ බව අධිකරණයේ නිගමනය වුණා.

සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව කී සල්මන් ඛාන් හතරවෙනි නඩුවෙන් වරදකරු වූවා.

සල්මන් ඛාන් ගේ නඩු දිනය වන අද දිනයේදී ඔහුගේ සොයුරියද පැමිණ ඇති අතර, මෙලෙස ඇප ලැබීමෙන් සතුටට පත් සල්මන් ඛාන්ගේ රසික රසිකාවියන් ඔහුගේ නිවස ඉදිරිපිට ප්‍රීති ඝෝෂා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

187866 3

සල්මන් ඛාන්ට ඇප ලැබෙයි

187866 2