ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති වර්ජනයකට.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල, අනධ්‍යයන වෘත්තීය සමිති අද (28) දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සඳහන් වේ.
විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කර ඇත්තේ, ඇමති මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව වුවද තම ගැටලු සඳහා නිසි විසදුම් ලැබෙනු ඇති බවට අපේක්ෂා නොකරන බවයි.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල වල ආරම්භ කර ඇති අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුව පවසයි.