සමාජජාල මිතුරන්ගෙන් ප්‍රවේසම්වන්න – පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය
සමාජජාල වෙබ් අඩවි මගින් මිතුරු වී නාඳුනන පුද්ගයින් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන්නැයි පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ මීට අදාළව පසුගිය දින කිහිපය තුළ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බවයි.