ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පුංචි ඡන්දෙට සියල්ල සුදානම්

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද උදෑසන 9 ට ආරම්භ කෙරුණි. ඒ අනුව හෙට(10) උදෑසන 7ට  ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී හෙට දිනයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. පළාත් පාලන ඡන්ද විමසීමේ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් 175,000ක් පමණ යොදවා තිබේ.