ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රධාන පක්ෂවල වැඩි දෙනෙක් අපරාධකරුවොයි ස්ත්‍රී දූෂකයොයි – කල්පනාවෙන් ඡන්දේ දෙන්නැයි ඉල්ලීමක්

මෙවර මැතිවරණය සඳහා විවිධ අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා හිමි වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙවර මැතිවරණයේ දී  සිද්ධි 243 ක් වාර්තා වී ඇති අතර ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 287 ක් වාර්තා වි ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වාර්තාවෙන්නේ දේශපාලන අරමුණු ඇතුව සංග්‍රහ කිරීම හා නීති විරෝධි ප්‍රචාරණ ක්‍රම යන ආකාරයන්ගෙන් බව ද සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමසාරිස් හා ශ්‍රි ලංකා පොලිසීය ඉතා විශාල මෙහෙවරක් මෙම තත්ත්වය අවම කර ගැනීමට මෙවර කටයුතු යොදන බව දක්නට ලැබෙන බව ද පැවසීය.