පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට..!
පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි. කෙසේ වෙතත් ඊයේ(01) දිනයේ දී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ අනුව ඡන්ද විමසීමට පැවති බාධා ඉවත් වී ඇති බැවින් ඡන්දය විමසීම 2018 ජනවාරී 20 සිට 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පවත්වන බවයි.