අරුන්දික මෛත්රීට වැඳ සමාව ඉල්ලයි – ජනපති සමඟ ගොඩනැගිලි විවෘත කිරීමකටත් යයි
අරුන්දික ප්රනාන්දුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්රියාත්මක වන පරිදි ඊයේ (12) අමාත්ය ධූරයෙන් ඉවත්කරන ලද අතර ඔහු අද (13) උදෑසන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී තමා දුරදිග නොසිතා සිදුකළ ප්රකාශවලට සමාව දෙන ලෙසත් මින් ඉදිරියට එසේ කටයුතු නොකරන බවටත් වැඳ සමාව ගෙන ඇති බව වාර්තාවේ. තමා අමාත්යධුරයෙන් ඉවත් කළත් පක්ෂය හැර නොයන බව අරුන්දික ප්රනාන්දු මහතා මෙහිදී ජනපතිවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.
මේ අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවති ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයාද එක්ව සිටියේය.