විජයදාස රාජපක්ෂ පිලිබද කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා – රාජිත සේනාරත්න

හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පවසනවා. හම්බන්තොට වරාය චීනයට විකිණීම  විවේචනය කරමින් “හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ” යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළකර අැත.

ඔහුගේ එම ප්‍රකාශය ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තීන්දුවක් ගන්නා බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සූදානම් වන බව වාර්තා ෙව්.

පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට මෙම මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බව සඳහන්.