හිටපු මුදල් ඇමති රවි බැඳුම්කර කොමිසම හමුවට
විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා හෙට (25දා) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන බැඳුම්කර ගනුදෙනුව සිදුවන කාලයේදී මුදල් අමාත්‍යවරයා ලෙස වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයා කටයුතු කළ බැවින් ඔහු මෙලෙස බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි